John Wick (2)



 John Wick (2) 

John Wick 1,2,3 Film තුනම අනිව බලන්න.
John Wick කියල Search කරල Download කරගන්න.


John ‍Wick: Chapter 2 (2017)
පෙර චිත්‍රපටයේ සිදුවීම් සිදුවී දින හතරකට පසු ආරම්භ වන මෙම චිත්‍රපටයේ කතාව තුලින් අපට ජෝන් වික්ද ඇතුලත් මේ විශාල කුලී ඝාතක සමාජය තුල තිබෙන බැඳීම්, දිවුරුම්, නීති ආදී දෑ රැසක් දැනගන්න පුළුවන්. ඔබට මතක ඇති පෙර චිත්‍රපටයේදී ඔහුට ඔහුගේ ෆෝඩ් මස්ටෑන්ග් රථයනම් නැවත ලැබෙන්නේ නෑ. කෙසේ හෝ මෙම චිත්‍රපටය තුලදී ඔහුට ඔහුගේ සොරාගත් මෝටර් රථය හමුවෙනවා වීගෝ ටැරසොව්ගේ සොහොයුරා සහ ලොසෙෆ් ටැරසොව්ගේ මාමා වන ඒබ්‍රම් ටැරසොව්ට අයත් සොරාගත් වාහන කැබලි කරන (Chop shop) තැනකින්. දැඩි සටනකින් පසුව රථයටද දැඩි අලාභ හානි කරගෙන එතනින් පැනයන ජෝන් වික් තම ආයුධ ආදිය ගෙබිමේ වළදමා තම නිහඬ දිවියට නැවතත් පිවිසෙනවා. දැඩි ලෙස අලාභහානිවූ තම මෝටර් රථය අලුත්වැඩියා කිරීමට තම මිතුරෙකු මෙන්ම කොන්ටිනෙන්ටල් වෙත සේවය සපයන කාර්මිකයෙකු වන ඔරේලියෝට බාර දෙන්නට ජෝන් වික් පියවර ගන්නවා. ඔබට මතකද මුල් චිත්‍රපටයේ එන වීගෝ විසින් ජෝන් වික්ට බාරදුන්නේයැයි කියන කිරීමට ඉතා අපහසු කාර්යය? මේ චිත්‍රපටයේදී අපිට දකින්නට පුළුවන් එම කාර්යය සඳහා ජෝන් වික් ඉතාලි මාෆියා කල්ලි නායකයෙකු වන සැන්තිනෝ ඩි’ඇන්තෝනියෝගේ උදව් ලබාගන්නා ආකාරය, ඒ ඔහු ජෝන් වික්ව හමුවීමට ඒමෙන්. එතනදී අපිට දැනගන්න ලැබෙනවා තමන්ට මතු දවසක උදව්වක් අවශ්‍ය වුවහොත් එයට ඉදිරිපත්වන බවට එතනදී සැන්තිනෝ ජෝන්වික් ලබා කිසිදා බිඳිය නොහැකි ලෙයින් දිවුරන පූජනීය දිවුරුමක් කරවාගෙන ඇති බව. ඒ කාසියක හැඩයෙන් යුත් Marker ( සලකුණ) නම් විවෘත කල හැකි පදක්කමක් හරහා. එහිම ඇති තුඩකින් ඇඟිල්ල සිදුරු කර, විවෘත කරගත් පදක්කම මත ඇඟිලි සලකුණ තැබීම මගිනුයි දිවුරුම කරන්නේ.

මෙම දිවුරුම මතක් කරන සැන්තිනෝ තමන්ට සේවා සපයන ලෙස ජෝන් වික්ගෙන් ඉල්ලා සිටියත් තමන් දැන් විශ්‍රාමික බව පවසන ඔහු එම උදව් ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා. එයින් කුපිත වන සැන්තිනෝ බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ජෝන් වික්ගේ නිවස විනාශ කර දමනවා. සෙවණක් සොයා ජෝන් වික් කොන්ටිනෙන්ටල් හෝටලයේ නවාතැන් ගන්නවා. නමුත් එහි කලමනාකරු වින්ස්ටන් ජෝන් වික් හා ඒතරම් පැහැදීමක් නෑ ඔහු පූජනීය දිවුරුමක් කඩකර සිටින නිසා. ඔහු එය ජෝන් වික්ට මතක් කරදෙනවා. අවසානයේ වින්ස්ටන්ගේ පෙරැත්තය නිසාම ජෝන් වික් ඉතාම අකමැත්තෙන් එකඟ වෙනවා සැන්තිනෝට සේවය සපයන්නට. මෙහිදී අපිට දැනගන්නට ලැබෙනවා ඉහල පෙලේ කුලී ඝාතකයන්ගෙන් සැදුම්ලත් The High Table නොහොත් මහා සංගමය ගැන. කුලී ඝාතකයන්ට අදාල නීති රීති සැකසීම්, දඬුවම් දීම් ආදිය බාර මේ සංගමයට. සැන්තීනෝගේ සොහොයුරිය වන ජියානා ඩි’ ඇන්තෝනියෝ මෙම සංගමයේ සාමාජිකාවක්. ජෝන් වික් ලවා ඇයව ඝාතනය කර එම ස්ථානය තමන්ට ලබාගැනීමයි සැන්තීගෝ අරමුණ. රෝමයේ වෙසෙන ජියැනාගේ නිවසට ඇතුල්වන ජොන් වික් ඇයව මරාදමනවා. නැවත නිව්යෝක් වෙත එන ජෝන් වික්ට මුහුණ දෙන්න වෙන්නෙ නොසිතූ ප්‍රශ්ණයකට. තමන්ගේ නම මේ ඝාතනයට ගැවීම වැළැක්වීමට සිතන සැන්තීනෝ එම ඝාතනය ජෝන් වික්ගේ ගිණුමට බැර කර, ජෝන් වික් මරාදමන අයෙකුට මිලියන හතක ත්‍යාග මුදලක් ලබාදෙන බව ප්‍රසිද්ධ කරනවා . ඒ අතරෙම රෝමයේ සිටම තමන් පසුපස ආ කැසියන් නම් ජියැනාගේ ආරක්ෂයෙකු හා සටන් කරන්නත් ජෝන් වික්ට සිද්ධ වෙනවා. මේ සටන්වලින් හෙම්බත්ව ජෝන් වික් යන්නෙ බොවරි රජු නම් බොවරි ප්‍රදේශයේ නිල නොලත් පාලකයා වෙත. ඔහු ජෝන් වික්ට සැන්තිනෝ වෙත ලඟාවෙන ආකාරය දැනුම්දෙනවා. දිගින් දිගට ඇදීයන සැන්තීනෝ-ජෝන් වික් සටන අවසානයේ නතර වෙන්නෙ කොන්ටිනෙන්ටල් හෝටලයෙන්. නීතියට වැඩකර එපාවී සිටින ජෝන් වික් වින්ස්ටන්ගේ කීම නොඅසා කොන්ටිනෙන්ටල් පරිශ්‍රය තුලදීම සැන්තීනෝ මරා දමනවා. තම ක්‍රියාවන්ට ප්‍රතිවිපාක අනිවාර්ය බව ජෝන් වික්ට පවසන වින්ස්ටන් පසුදා ඔහුට දැනුම් දෙනවා සැන්තීනෝ ජෝන් වික් මරාදමන්නෙකුට ලබාදෙන බව පැවසූ මිලියන හතක ත්‍යාග මුදල මහා සංගමය විසින් දෙගුණයක් එනම් මිලියන 14ක් කර ඇති බවත්, එය නිව්යෝක් නගරයේ පමණක් නොව ලොව වටා සිටින ඕනෑම ඝාතකයෙකුට විවෘත බවත්. එසේම තම හෝටල් භූමියේ ඝාතනයක් සිදුකිරීමේ වරද මත වින්ස්ටන් ජෝන් වික්ව කොන්ටිනෙන්ටල පහසුකම්වලින් “නෙරපාහැරියෙකු” ලෙස නම් කරනවා.කෙසේ වෙතත් ඔහු එය ප්‍රසිද්ධ කරන්නෙ ජෝන් වික්ට පැනයාමට පැයක කාල පරාසයක් ලබාදීමෙන් පසුවයි. එසේම ඔහු ජෝන්ට සලකුණකුත් ලබාදෙනවා මතු ප්‍රයෝජනය සඳහා. තමන් පසුපස එන ඕනෑම අයෙකුට හිමිවන්නේ මරණය බව ප්‍රසිද්ධ කරන ලෙස වින්ස්ටන්ට දන්වන ජෝන් වික් තම පිට්බුල් සුනඛයාද සමගින් පිටවයනවා.


Torrent ෆයිල් එක මෙතනින් බාගන්න
සිංහල සබ් එක මෙතනින බාගන්න 






Comments