Hitman Agent 47-2019
Hitman Agent 47
හිට්මෑන් ලෝකයට ආවෙ මුලින්ම පරිඝනක ක්‍රීඩාවකින්. ලෝකෙ පුරාවටම විශාල ක්‍රීඩා ලෝලීන් පිරිසක් හිට්මෑන් එක්ක එකතුවුනා. කොච්චර මේ පරිඝනක ක්‍රීඩාව ජනප්‍රිය වුනාද කිව්වොත් 2007දි Hitman චිත්‍රපටියකුත් නිපදවෙනවා. Hitman: Agent 47 කියන්නෙත් හිට්මෑන් පරිඝනක ක්‍රීඩාව ආශ්‍රයෙන් නිපදවපු ජර්මන්-ඇමරිකානු ක්‍රියාදාම චිත්‍රපටියක්. මේ චිත්‍රපටයෙදිත් ප්‍රධාන චරිතය වන්නෙ නියෝජිත අංක 47. චිත්‍රපටිය අගෝස්තු 21 වැනිදා නිකුත්වුනේ.
දශකයකට කලින් මහාචාර්ය ලිට්වෙන්කෝ තමයි ක්ලෝන සොල්දාදුවන් නිපදවස වැඩසටහනේ ප්‍රධානියා. සුපිරි ශක්තියෙන්, වේගයෙන්, බුද්ධියකින් වගේම හැඟීම් පවා දැනෙන පරිදි මේ සොල්දාදුවන් නිපදෙව්වා. නමුත් යම්කිසි හේතුවකට ඔහු අතුරුදන් වෙනවා. ඔහුගේ දුව කාටියා තනිවම අතෑරලා දාලා.
නියෝජිත 47ත් මෙතනදි සම්බන්ධ වෙනවා. ඔහු සහ කාටියා එකතුවෙලා කාටියාගෙ තාත්තව හොයාගන්න ඕන. මොකද තවත් කෙනෙක් මෙහිදි ක්ලෝන සොල්දාදුවන් නිර්මාණයට සූදානම් වෙනවා. ක්‍රියාදාම චිත්‍රපටිවලට කැමති ඔයාලට වගේම හිට්මෑන් ක්‍රීඩාවට ආදරය කරන ඔයාලත් මේ චිත්‍රපටිය අනිවාර්යෙන්ම නරඹන්න ඕන. චිත්‍රපටය ඉවර වෙනකල්ම ඇක්ෂන් පිරිණු ලස්සනම ලස්සන කතාවකුත් ගලාගෙන යන සුපිරිම චිත්‍රපටයක් කියලා කියන්න පුලුවන්.
Torrent ෆයිල් එක මෙතනින් බාගන්න
සිංහල සබ් එක මෙතනින බාගන්න
Comments
Post a Comment