Bad Boys For Life (2020) -ජීවිතේට නරක කොල්ලෝ
මේ වසරේ ආපු අලුතම් ෆිල්ම් එකක් අරන් තමයි අවේ ඔන්න.. ඉතින් සුපුරුදු පරිදි Bad Boysරසිකයින්ව කලකිරවන්නේ නැතිව සුපිරිම සුපිරි කොමඩි, ඇක්ශන් චිත්‍රපටියක් බලාගන්න අපිට පුලුවන් උනා. අපි හිතුවෙවත් නැති පැත්තකට චිත්‍රපටිය ගලාගෙන යන්නෙ..ඒවගේම ආරම්භයේ සිටම පුරුදු පරිදි මාර්කස්ගේ ඉල ඇට ඇදෙන විහිලු වලින්නම් ඉවරයක් නැති වෙලා තියෙනවා. මිනිහගෙ කතාවිලාශය, හැසිරීම් පවා සිනාව දනවන සුලුයි. මියාමි නගරයේ පොලිස් නිලධාරින් දෙනෙනෙක් ලෙස එදා ඉඳන් මෙ දෙන්නට සිද්ධවෙන කරදර වලනම් නිමක් නෑ. ඉතින් මිලියන 90 ක නිශ්පාදන පිරිවැයක් ගත්තු මේ චිත්‍රපටය දැනට මිලියන 408 ක ආදායමක් ලබාගෙන තියෙනවා. Columbia Pictures මගින් නිකුත් කරපු Bad Boys පසුගිය ජනවාරි මාසයෙ වැඩිය ආදායම ලබාගත්තු චිත්‍රපටය බවට පත්වුනා. ඒවගේම IMDb දර්ශකයේ 7.2 ක අගයකුත් Rotten Tomatoes හි 77% ක මනාපයකුත් Google පරිශීලකයින්ගෙ 99% මනාපයකුත් ලබාගෙන ඉතා ඉහලින් වැජබෙමින් ඉන්නවා. කලින් කතාවලට ලොකු සම්බන්ධයක් නැතිව වගේ පෙනුනට සෑහෙන ලොකු සම්බන්ධය තියෙනවා කියලා මම නම් කියන්නෙ..
එහෙනම් අපි ෆිල්ම් එක ගැන පොඩ්ඩක් බලමු.
මේක බැඩ් බෝයිස් එකේ තුන්වන ෆිල්ම් එක කලින් ඒවා බලලා ඇති කියල හිතනවා.කොහොම උනත් පලවෙනි ෆිල්ම් එකේ තියෙන ෆන් එකම මේකත් තියෙනවා.මේ ෆිල්ම් එක කලින් ෆිල්ම් එක්ක සම්බන්ධයි.මොකද මේක මයිගෙන් එහෙම පලිගැනීමක් වෙන ෆිල්ම් එකක්.කතාව ගැන වැඩිය කියන්නෙ නැතුව ඔයාලටම රසවිදින්න කියල ඉල්ලන්වා..ක්‍රියාදාම වලින් පිරිණු කතාවක් ඒ එක්කම පවුලේ ඔක්කොමටම එකට ඉදලා බලන්න නම් බැහැ.මොකද කතාකරන භාෂාව සමහර තැන් වල හොද නැහැ...හරි එනම්
තවත් අලුත් සිනමාවකින් හමුවෙමු...
ටොරන්ට් ෆයිල් එක මෙතනින් බාගන්න
සිංහල සබ් එක මෙතනින් බාගන්න
Comments
Post a Comment