John Wick (1)



 John Wick (1) 

John Wick 1,2,3 Film තුනම අනිව බලන්න.
John Wick කියල Search කරල Download කරගන්න.


ජෝන් වික් යනු හිටපු කුලී ඝාතකයෙක්. ජීවත්වෙන්නෙ ඝාතකයන්ගෙන් පිරුණ සමාජයක. ඔහුගේ බිරිඳවූ හෙලන් දරුණු රෝගයකට ගොදුරුව මරණාසන්නව සිටියදී ඇය ඔහුට ඩේසි නම් බීගල් වර්ගයේ බලු පැටවෙකු දෙනවා තමා මියගිය පසු ඔහුගේ පාළුව කාන්සිය දුරලීමට.
හෙලන් මියයාමෙන් පසුව ජෝන් වික්ට තම බිරිඳව මතක්වෙන්නට තිබෙන එකම ජීවමාන සලකුණ මේ ඩේසි, ඔහු ඇයට පණමෙන් ආදරෙයි.

ඊට අමතරව ඔහු ආදරය කරන්නෙ, අපේ භාෂාවෙන් කිව්වොත් “යකඩ ගොඩකට”. ඒ තමයි 1969 වසරේ නිෂ්පාදිත ඔහුගේ ෆෝඩ් මස්ටෑන්ග් Mach 1 මෝටර් රථය.

1969 වසරේ නිෂ්පාදිත ෆෝඩ් මස්ටෑන්ග් Mach 1 රථය (වමේ ලොසෙෆ් ටැරසොව්- දකුණේ ජෝන් වික් )

ඒ තමයි නිව්යෝක්හි පිහිටි කුලී ඝාතකයන්ට සේවය සලසන ඉහල පෙලේ හෝටලයක් වන කොන්ටිනෙන්ටල් හෝටලය. කිසිවෙකුත් පාවා නොදෙන අභිරහස් පන්නයේ බලවත් පුද්ගලයෙකු වන වින්ස්ටන් තමයි එහි කලමනාකරු. මේ හෝටලයේ ඇති විශේෂම වැදගත්කම වන්නේ මේ හෝටල් පරිශ්‍රය තුලදී කිසිම ඝාතකයෙකුට තවත් අයෙක් ඝාතනය කිරීම තහනම් වීම. ඒ නිසා මෙය කුලී ඝාතකයන්ගේ ආරක්ෂිත ස්වර්ගයක් හා සමානයි. කෙසේ වෙතත් එම තහනම තිබියදී විගෝ පවසනවා ජෝන් වික්ව හෝටල් පරිශ්‍රය තුල මරාදමන්නේනම්වේ සඳහා ලබාදෙන මිලියන දෙකක ත්‍යාග මුදල දෙගුණ කරන බව. කෙසේවෙතත් අවසානයේ දැඩි සටනකින් පසු වීගෝවත් ලොසෙෆ්වත් මරා දමන ජෝන් වික්, එන්නතක් මගින් මරණයට පත්කිරිමට නියමිතව සිටි පිට්බුල් සුනඛයෙක් නිදහස් කරවාගෙන පිටව යනවා.


Torrent ෆයිල් එක මෙතනින් බාගන්න
සිංහල සබ් එක මෙතනින බාගන්න 
මෙතනින් බලන්න







Comments